කාන්තා ලෝක කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා පිල ඊයේ (16) සහභාගිවූ තරගයෙන් ඔස්ට්‍රේලියානු පිල හමුවේ කඩුලු 10ක පරාජයක් ලැබීය.
එම තගරයේ කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වූ අතර ඔවුන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන්නේය.
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 08ක් දැවී ලකුණු 112ක් රැස් කළාය.
තරගය ජය ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 113 ක ඉලක්කය පන්දුවාර 15.5 කදී කිසිඳු කඩුල්ලක් නොදැවී රැස් කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සමත්වූහ.