ක්‍රීඩා

ලංකාව ලකුණු 175 කින් එමිර් රාජ්‍යය පරදයි

Published

on

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ බුලවායෝහිදී අද (19) පැවැති පළමු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 175 කින් එක්සත් අරාබි එමිර් රාජ්‍ය පරාජය කරමින් පහසු ජයක් ලැබීමට සමත් වූහ.

එමිර් රාජ්‍ය පිලේ නායක මොහොමඩ් වසීම් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

මෙහිදී ශ්‍රී ලංකාව ලකුණු 355ක් ලැබූ අතර, පන්දු 63 කදී හතරේ පහර 10 කින් සමගින් ලකුණු 78 ක් රැස්කළ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 356 ක ඉලක්කය හඹාගිය එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිල පන්දුවාර 39 කදී ලකුණු 180 කට සීමාවිය.

දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 24 කට කඩුලු 6 ක් දවාගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය පහසු කිරීමට සමත් විය. 

ශ්‍රී ලංකා පිල 

පන්දුවාර 50 යේදී කඩුලු 6 ට 355 (පැතුම් නිස්සංක 57, දිමුත් කරුණාරත්න 52, කුසල් මෙන්ඩිස් 78, සදීර සමරවික්‍රම 73, චරිත් අසලංක නොදැවී 48, වනිඳු හසරංග නොදැවී 23, අලී නසීර් 44/2) 

එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිල

පන්දුවාර 39 කදී සියලු දෙනා දැවී 180 (මොහොමඩ් වසීම් 39, වී. අරවින්ද් 38, රමීද් ශසාද් 26, අලී නසීර් 34, වනිඳු හසරංග 24/6)

Trending

Exit mobile version