ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ සිම්බාබ්වේ පිල කඩුලු 9කින් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා පිල අද (02) සමත් විය.
මේ අනුව ශ්‍රී ලංකාව සහභාගි වූ තරග හයෙන් හයම ජය ගැනීමට සමත් වූ අතර එසේම ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානයට සහභාගි වීමට ද සුදුසුකම් ලබා ගත්තේය.
බුලවායෝ හිදි පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා දිනා ගත් අතර ඔහු පළමු පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 32.2 කදී සියලුදෙනා දැවීරැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 165ක් පමණි.
ලකුණු 166ක ජයග්‍රහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33.1ක පන්දුවක් තුළ එක් කඩුල්ලක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ පැතුම් නිශ්ශංක සිය දෙවන එක්දින ශතකය රැස්කරමින් නොදැවී ලකුණු 101ක් රැස් කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසියේ ආබාධයකට ලක්වූ ලහිරු කුමාර වෙනුවට මතීෂ පතිරණ කැඳවමිනි.
සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සාර්ථක පිතිකරු වූ ෂොන් විලියම්ස් මේ තරගයේදී ද ලකුණ 56ක් රැස් කිරීමට සමති විය.
පන්දුයැවිමේදි මහීෂ් තීක්ෂණ කඩුලු 4ක් සහ ඩිල්ෂාන් මධුසංඛ කඩුලු 3ක් දවා ගත් අතර මතීෂ පතිරණ කඩුලු දෙකක් දවා ගත්හ.
ලකුණු සටහන