ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය අද (19) එක්සත් අරාබී එමීර් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම තරඟය “බී” කාණ්ඩය යටතේ සිම්බාබ්වේ හි බුලවායෝ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර එය මෙරට වේලාවන් පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතය.
එමෙන්ම අයර්ලන්ත කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර තරඟයක්ද අද පැවැත්වීමට නියමිතය.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමේ මෙම තරඟ වටය සඳහා කණ්ඩායම් 10ක්, කාණ්ඩ 02ක් යටතේ ඉදිරිපත්ව සිටින අතර එම තරඟ ජූලි මස 09 වනදා දක්වා පැවැත්වෙනු ඇත.