ක්‍රීඩා

ලංකාව හා නෙදර්ලන්තය අතර ගැටුම අද

Published

on

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය අද (21) ලක්නව්හි අතල් බිහාරි වජ්පායි ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගි වූ තරග 3 ම පරාජයට පත්ව සිටීම හේතුවෙන් තරගාවලිය පිළිබඳ යම් බලාපොරොත්තුවක් හෝ තබා ගැනීමටනම් අද තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්යය වේ. 

නෙදර්ලන්තය මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරග තුනෙන් එක් තරගයක් ජයග්‍රහණය කර තිබේ.

නෙදර්ලන්තය දකුණු අප්‍රිකාවට එරෙහිව විශිෂ්ට ජයක් ලබා ගැනීමට පසුගියදා සමත් විය. 

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගය අද (21) පෙරවරු 9.30 ට ආරම්භ වේ.

Trending

Exit mobile version