ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරගවදින කණ්ඩායම් 6හි නම් අද (01) පස්වරුවේ ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව මෙම කණ්ඩයම් වන්නේ : කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාවල්ස්, ජැෆ්නා ටයිටන්ස්, කැන්ඩි බෝල්ට්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස් හා නිගම්බු බ්‍රේව්ස් ය.
දෙසැම්බර් මස 12දා – 22දා දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (ක්‍රීඩකයින් තෝරා ගැනීම) නොවැම්බර් 10දා කොළඹදී සිදු කිරීමට නියමිතය.