පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට සමත් විය.
එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුණි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 162ක් රැස්කළ අතර පන්දු 44කින් ලකුණු 79ක් රැස්කළ කුසල් මෙන්ඩිස් ගේ ඉනිම මෙහිදී කැපී පෙනුනි.
ඊට පිළිතුර ලෙස නෙදර්ලන්ත කණ්ඩායමට ලබාගත හැකිවූයේ කඩුලු 9ක් දැවී ලකුණු 146 පමණි. කෙසේවෙතත්, පන්දු 53කින් ලකුණු රැස් කරමින් අවසානය දක්වා මැක්ස් ඕ. ඩොව්ඩ් ගත් උත්සහය මෙහිදී ප්‍රශංසාවට ලක්විය.