ක්‍රීඩා

වනිඳු ඇතුළු 4කට ආසියානු කුසලානය අහිමි වෙයි

Published

on

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිවුදෙනෙකු ආබාධ හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශ කරයි.

මෙම ක්‍රීඩකයන් වන්නේ වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ ඩිල්ෂාන් මධුසංඛය.

තවද, අබාධයන්ට ලක්වු ක්‍රිඩකයින් වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන්ගේ නම් ක්‍රීඩා අමාත්‍යාංශයට යවා ඇති අතර ඔවුන්ගේ නම් සදහා අනුමැතිය බලාපොරොත්තුවෙන් පසුවෙයි.

මේ අතර කුසල් ජනිත් පෙරේරා “උණ” රෝගයෙන් සුවය ලබමින් සිටින අතර ඔහු සුවය ලැබු පසුව තරගය සදහා එක්වීමට නියමිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව පවසා ඇත්තේ 2023 ආසියානු කුසලාන තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය අද (29) ප්‍රකාශයට පත්කරමිනි.

ක්‍රීඩා හා යෞවන අමාත්‍ය රොෂාන් රණසිංහගේ අනුමැතිය හිමි වී ඇති මෙම සංචිතය මෙසේය :

දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් (උපනායක), චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, කසුන් රාජිත, දුෂාන් හේමන්ත, බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන්.

Trending

Exit mobile version