ක්‍රීඩා

වනිඳු ටෙස්ට් පිටියට සමු දෙයි

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබේ.

සීමිත පන්දු වාර තරග වෙනුවෙන් තමන්ගේ උපරිම දායකත්වය ලබා දිය යුතු නිසා මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යවමින් වනිඳු හසරංග දැනුම් දී ඇත.

ක්‍රිකට් ආයතනය වෙත යැවූ ලිපියෙන් වනිඳු වැඩිදුරටත් දන්වා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිමීත පන්දු වාර විශේෂඥයකු ලෙස තම ඉදිරි වෘත්තීය ජීවිතය ගෙන යමින් උපරිමයෙන් ශ්‍රී ලංකාවට සේවය කරන බවයි. 

නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් පවසා ඇත්තේ ටෙස්ට් පිටියට සමුදීමට ගත් වනිඳු ගේ තීරණය පිළිගන්නා බවයි.

2020 දී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට මුලින්ම අවතීර්ණ වූ වනිඳු හසරංග, මේ දක්වාම ලංකාව වෙනුවෙන් සහභාගි වී ඇත්තේ ටෙස්ට් තරග 04කට පමණි.

එහිදී ඔහු ඉනිම 07ක් තුළ ලකුණු 196ක් ලබා ගෙන කඩුලු 04ක් බිඳ දමා තිබේ.   කෙසේවෙතත් ඔහු එක්දින ජාත්‍යන්තර තරග 48කට හා පන්දුවාර විස්සයි 20 තරග 58කට සහභාගී වී ඇත.

Trending

Exit mobile version