ක්‍රීඩා

වැස්ස නිසා අද තරගය අත්හැරියත් හසන් අලී ජොලියක් ගනියි! (වීඩියෝ)

Published

on

ශ්‍රී ලංකා-පාකිස්ථාන ටෙස්ට් තරඟයට වර්ෂාවෙන් බාධා

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ  ශ්‍රී ලංකාව අතර කොළඹදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය වන අද (25) වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබුණි.

දිගින් දිගටම පැවති වර්ෂ්වා හමුවේ තරඟය නතර කරන විට පාකිස්ථානු කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුනු 178 රැස් කර ගනිමින් ලකුණු 12ක් ඉදිරියෙන් සිටියි.

කෙසේවෙතත්, තරගය නතර කර තිබූ අවස්ථාවේදී පාකිස්ථානු මද වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී, ක්‍රීඩාංගනයේ අතුරා තිබූ වැසි ආවරණය මත ලිස්සා යමින් විනෝද වන අයුරු දැක්වෙන වීඩියෝවක්  අන්තර්ජාලයට එක්ව තිබුණේ මෙසේය :

Trending

Exit mobile version