ක්‍රීඩා

ශම්මි සිල්වා යළි ක්‍රිකට් මහ පුටුවට !

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරගයෙන් තේරීපත් වී තිබේ.

2023/2025 කාල සීමාව සඳහා නව නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීමට අදාළ  ක්‍රිකට් ආයතන නිළවරණය කොළඹ දී අද (25) පැවැත් විය.

එහිදී ශම්මි සිල්වා මහතා සභාපති ධුරයට තේරී පත්ව ඇති අතර ඔහු එම ධුරයට පත් වු තෙවන අවස්ථාව මෙය විය.

මීට අමතරව ක්‍රිකට් ආයතනයේ ලේකම් ධුරය සඳහා මොහාන් ද සිල්වා මහතා සහ උපසභාපති ධුරයන් සඳහා ජයන්ත ධර්මදාස හා රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් ද අද පැවති නිලවරණයේ දී නිතරගයෙන් පත්ව ඇති බව වාර්තා වේ.

Trending

Exit mobile version