ක්‍රීඩා

ශල්‍යකර්මයකට රිෂබ් පාන්ට් ගුවනින් මුම්බායි වෙත

Published

on

රිය අනතුරකින් පසුගිය 30දා තුවාල ලබා රෝහල්ගතකළ ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂබ් පාන්ට් ශල්‍යකර්මයක් සඳහා අද (04) දිනයේදී මුම්බායි වෙත ගුවනින් රැගෙන යන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඔහු මේ දක්වා ප්‍රතිකාර ලබමින් සිටියේ දෙහෙරාදූන් නගරයේය.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් – ජේ ශාහ් පවසා ඇත්තේ පාන්ට් ඉක්මනින් සුව කරගැනීමට අවශ්‍ය සියලු සහය ලබාදීමට කටයුතු කරන බවයි.

පාන්ට් හට නින්ද යාම හේතුවෙන් මෝටර් රථයේ පාලනය සියතින් ගිලිහීමත් සමග මෝටර් රථය දෙවරක් පෙරළී ගිනිගෙන තිබුණු බව ඉන්දීය පොලිසිය පවසයි.

අනතුර හේතුවෙන් පාන්ට් ගේ හිසට, පිට ප්‍රදේශයට හා පාදයකට තුවාල සිදුවී තිබුණි.

Trending

Exit mobile version