Connect with us

ක්‍රීඩා

ශ්‍රී ලංකාවට කඩුළු 3ක ජයක්

Published

on

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ලකුණු 287ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු ඕවර 47.1 කදී තරගය ජයග්‍රහණය කිරීමට සමත්වූහ.

ඒ අනුව තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ලංකාව සමත් විය.

පැතුම් නිස්සංක ලකුණු 114 යි.

චරිත් අසලංක ලකුණු 91යි.

ඔවුන් දෙදෙනා හතරවැනි කඩුල්ල සඳහා ලකුණු 185ක් එක්කළ අතර එය එම කඩුල්ල සඳහා ශ්‍රී ලංකා වාර්තාවකි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දු ඕවර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 286ක් රැස්කළේය.

ක්‍රීඩා

රෝහිත් ශර්මා ටෙස්ට් පිටියට සමුදෙයි

Published

on

By

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.

සිය තීන්දුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කළ ශර්මා පවසා ඇත්තේ ටෙස්ට් සුදු ඇඳුමින් සැරසී සිය රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක් බවයි.

කෙසේවෙතත්, තමා තවදුරටත් එක්දින ජාත්‍යන්තර තරග වල ක්‍රීඩා කරන බවද ඔහු පවසා ඇත.

2024 වසරේ පැවති විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව ඔහු T20 ජාත්‍යන්තර තරග බිමෙන්ද විශ්‍රාම ගියේය. 

මේ වනවිට 38වන වියේ පසුවන රෝහිත් ටෙස්ට් තරග 67ක ඉනිම් 116කදී ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකර ඇත. එහිදී ලකුණු 4301ක් රැස්කර ඇති රෝහිත්, ශතක 12ක් හා අර්ධ ශතක 18ක් වාර්තාකර තිබේ.

Continue Reading

ක්‍රීඩා

එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉදිරියට

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

අවසන් වරට ඉකුත් පෙබරවාරි මස සිදුකල ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව රැදී සිටියේ 5වන ස්ථානයේය.

මෙහි පෙරමුණ ඉන්දියාවට හිමිව ඇත.

ඊට අමතරව දෙවැනි ස්ථානය නවසීලන්තයටත්, තෙවන ස්ථානය  ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබේ.

Continue Reading

ක්‍රීඩා

හත්වසරකට පසු ලංකාවේ කෙල්ලෝ ඉන්දීය කෙල්ලන් දණගස්වයි!

Published

on

By

තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් සටනේ අද (4) පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය කර කඩුලු 3ක සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස්කිරීමට සමත් විය.

Richa Ghosh ලකුණු 58ක් රැස්කරමින් ඉන්දීය ඉනිම ඔසවා තැබුවාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් දක්ෂතා දැක් වූ සුගන්දිකා කුමාරි (3/44) හා චමරි අතපත්තු (3/43) කඩුලු 3 බැගින් බිඳදැමූහ.

මෙහිදී ලකුණු 276ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකාරිනියෝ කඩුලු 7ක් දැවී තිබියදී තරගයේ අවසන් පන්දුවාරයේ දී (49.1) ලකුණු 278ක් රැස්කරමින් ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවරියන් වූ හර්ෂිතා සමරවික්‍රම (53) හා නිලක්ෂිකා සිල්වා (56) අර්ධ ශතක රැස්කරමින් දක්ෂතා දැක්වූහ.

මෙවර වසර 7කට පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් එක්දින තරගයකදී ඉන්දියාව පරාජය කළ පළමු අවස්ථාව විය.

අවසන්වරට ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව පරාජය කර තිබුණේ 2018 වසරේදීය.

තරගයේ වීරවරිය ලෙසින් පන්දු 33කින් ප්‍රහාරාත්මක ලකුණු 56ක් රැස්කළ නිලක්ෂිකා සිල්වා සම්මාන දිනාගත්තාය.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ මේ දක්වා ක්‍රීඩාකළ තරග 3න් තරග 2ක් ජයගෙන තවමත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය රැකගෙන සිටියි.

ඉන්දියාව එහි පෙරමුණේ සිටින අතර, තවමත් එකඳු ජයක් හෝ ලබා නොමැති දකුණු අප්‍රිකාව අවසන් ස්ථානයේ පසුවේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved