පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමඟ පැවති තරාගයෙන් ශ්‍රී ලංකාව අද පරාජයට පත් විය.
අමෙරිකාවේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇරයුම් කලේය.
ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 124ක් රැස් කරන ලදී.
පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් දැවී ගියේ පන්දු 08කදී ලකුණු 10ක් රැස්කර සිටියදීයි. ඉන් අනතුරුව පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස්ට රැස්කිරීමට හැකි වූයේ ලකුණු 04ක් පමණි.
පැතුම් නිස්සංක ලකුණු 47ක් , ධනංජය ද සිල්වා 21ක් ,චරිත් අසලංක 19ක්,ඇන්ජලෝ මැතිව්ස් 16ක් ලබා ගත් අතර අනෙක් පිතිකරුවන්ට ලකුණු 10යේ සීමාව පසුකර යාමට බංග්ලාදේශ පන්දු යවන්නන් විසින් ඉඩක් ලබා නොදෙන ලදී.
මුස්තාෆිසුර් රහ්මාන් ,රිෂාඩ් හුසේන් කඩුලු 3 බැගින් දවාගත් අතර අහමඩ් කඩුලු 2ක් ද හසන් සකීබ් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.
ලකුණු 125ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 19ක් අවසානයේ කඩුලු 08ක් දැවී තරගය ජය ගැනීමට සමත් විය.
Towhid Hridoy ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වූ අතර ලිටන් දාස් 36ක් සහ මහමුදුල්ලා 16ක් ;ලබා ගැනීමට සමත් වූ අතර අනෙක් පිතිකරුවන්ට ලකුණු 10යේ සීමාව පසුකර යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.
පන්දු යැවීමේදී නුවන් තුෂාර කඩුලු 4ක් ලබා ගත් අතර වනිඳු හසරංග කඩුලු 2ක් සහ ධනංජය ද සිල්වා, මතීෂ පතිරණ එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.