Connect with us

ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය අත්හිටුවයි!

Published

on

ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පාලනය සහ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් මේ තත්ත්වය උදාවී ඇතැයි ද පැවස‌ේ.

 “පළමු ප්‍රමුඛතාවය වන්නේ පාලන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා අදාළ සියලු පාර්ශ්වකරුවන් සමග එක්ව කටයුතු කිරීමයි. මෙම ගැටළු නිරාකරණය කර ගැනීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ නිලධාරීන්ට ආසියාවේ ඉදිරි තරඟ සහ තරඟාවලි සඳහා සහභාගීවීමට හැකි වනු ඇත,” යැයි ලෝක රග්බ් සම්මේලනය පවසයි.  

ක්‍රීඩා

හර්දික් පාණ්ඩ්‍යා ට තරඟ තහනමක්

Published

on

By

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යා ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරග තහනමක් සහ දඩ මුදලක් නියම කර තිබේ.

ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සහභාගී වූ අවසන් තරගයේදී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙනි.

හර්දික් පාණ්ඩ්‍යාට දඩයක් හා එක් තරග තහනමක් පනවා ඇති බව සඳහන් ය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ,  කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට ද ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් හෝ තරග ගාස්තුවෙන් 50%ක් නියම කර ඇති බවය.

අවස්ථා 05ක දී අයි.පී.එල් ශූරතාව හිමිකරගෙන ඇති මුම්බායි ඉන්දියන් කණ්ඩායමට මෙවර තරගාවලියේ ජයගැනීමට හැකිවූයේ නියමිත තරග 14න් 04ක් පමණක් වන අතර ඒ හේතුවෙන් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වුණි.

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ලොක්කෙක්ට එරෙහිව අධි චෝදනා

Published

on

By

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති “ලෙජන්ට් ට්‍රොපි 2024” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර පෙචලෝඩියා ආකාශ් සැකකරුට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරුණු දක්වමින් ඊයේ (17) පවසන ලදී.

රෝයල් පංජාබ් කණ්ඩායමේ කළමණාකාරවරයා ලෙස කටයුතු කරමින් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ෆිල්ම්ස්ටඩ්ට හා නවසීලන්ත ක්‍රීඩක නිල් බෲට මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා කරමින් මෙම නඩු පවරා තිබුණි.

එම ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට උපුල් තරංග ක්‍රීඩකයාට බලපෑම් කිරීමට එරෙහිව කැන්ඩි සෑම් ආමි කණ්ඩායමේ ක්‍රිකට් කළමණාකාර යෝගි පටෙල්ට එරෙහිව මාතලේ මහාධිකරණය හමුවේ පැවරූ අධිචෝදනා නඩුවේ විභාගය ජූලි මස 08 දින ආරම්භ වීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

ICC T20 පුහුණු තරග කාලසටහන නිකුත් වෙයි

Published

on

By

ජුනි මස ආරම්භ කිරීමට නියමිත තිබෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබේ.

තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිතව තිබෙන අතර ඔවුන් නෙදර්ලන්තය සහ අයර්ලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතය.

පුහුණු තරග මැයි 27 සිට ජුනි 01 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාව සිය පළමු පුහුණු තරගය සඳහා නෙදර්ලන්ත කණ්ඩායම සමඟ මැයි 28 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතය.

එම තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙවැනි පුහුණු තරගය අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරගය මැයි මස 30 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

2024 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ජුනි මස 02 දා ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව පළමු තරගය ක්‍රීඩා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ජුනි මස 03 වැනිදා දකුණු අප්‍රිකාව සමඟින් නිව්යෝක් හී පැවැත්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved