ක්‍රීඩා

ශ්‍රී ලංකාව අද අයර්ලන්තය සමග හැප්පෙයි

Published

on

2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්තය අතර තරගය අද (25) බුලවායෝහිසදී පැවැත් වේ.

එම තරගය පැවැත්වෙන්නේ බී කාණ්ඩය යටතේය.

මේ වන විට ශ්‍රී ලංකාව  මෙතෙක් සහභාගි තරග ‌දෙකම ජය ගනිමින් බී කාණ්ඩයේ අපරාජිතව පෙරමුණ ගෙන සිටී.

තරගාවලියේ මේ දක්වා සහභාගී වූ  තරග දෙකම පරාජයට පත්ව සිටින අයර්ලන්තය එම කාණ්ඩයේ රැදී සිටින්නේ සිව්වන ස්ථානයේයි.

බී කාණ්ඩයේ තවත් තරගයක් අද බුලවායෝහිදී පැවැත් වේ.

ඒ ස්කොට්ලන්තය සහ ඕමානය අතරයි.

ඔවුන් පිළිවෙලින් B කාණ්ඩයේ දෙවන සහ තුන්වන ස්ථානවල රැදී සිටින කණ්ඩායම් ය.

තරග දෙකම ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතය.

Trending

Exit mobile version