ක්‍රීඩා

ශ්‍රී ලංකාව අද තරගබිමේ

Published

on

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය බ්‍රිස්බෙන්හිදී අද (01) පෙරවරු 09.30ට ආරම්භ වේ.

එංගලන්තය සහ නවසීලන්තය අතර තරගය ද එම ක්‍රීඩාංගණයේදීම පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ප්‍රසාද ලකුණු 2ක් පමණක් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එම ලකුණු සටහනේ පස්වන ස්ථානයේ රැඳී සිටින අතර අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට මේ වන විට ශ්‍රී ලංකාවට පවතින ඉඩකඩ ඉතා අවම වී තිබේ.

අද පැවැත්වෙන තරගයත් එංගලන්තයට එරෙහි තරගයත් ජය ගතහොත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 6ක් හිමි වේ.

මේ වනවිට නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 5 බැගින් ලබාගෙන පළමු කාණ්ඩයේ මුල් ස්ථාන දෙක හිමිකරගෙන තිබේ.

එම තත්ත්වය තුළ නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව තරග වදින ආකාරය අනුව ශ්‍රී ලංකාවට අවස්ථාවක් හිමිවන්නේ ද යන්න පිළිබඳ තීරණය වීමට නියමිතය.

Trending

Exit mobile version