ක්‍රීඩා

“ශ්‍රී ලංකාව ක්‍රිකට් සූදුවේ තිත්පොළක්”

Published

on

ලෝක ක්‍රිකට් සූදුවේ මුදල් එකතු කරන තිත්පොළක් ලෙස ශ්‍රී ලංකාව පත් වී ඇති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිහිමකට ලක් වන බව ද ඔහු අවධාරණය කලේය.

“මේ ඔක්කෝටම සල්ලි ලොකුයි. මේ රටේ ක්‍රිකට් හදන්න වුවමනාවක් නැහැ. මේවා සූදුවෙන් එන සල්ලි. 1Xබට් කියයි. ඔබතුමන්ලා දන්නවා නේ. බෙටිං 369 කියයි. තවත් ෆෙයාර් ප්ලේ කියයි. මේ ඔක්කෝම මොනවා සූදු. ලෝකයේ ක්‍රිකට් සූදුවේ මුදල් එකතු කරන තිත්පොළක් බවට ලංකාව පත්වෙලා ඉවරයි. මේ තත්ත්වය තුළ රටේ ක්‍රිකට් කඩා වැටීම සිදුවෙනවා. මේකට කණ්ඩායම වගකියන්න අවශ්‍ය නැහැ. දුෂිත පාලකයන් තමා වගකියන්න ඔනේ.”

Trending

Exit mobile version