Connect with us

ක්‍රීඩා

ශ්‍රී ලංකාව සහ ඕමාන එක්දින කණ්ඩායම් ඉතිහාසයේ පළමු වරට අද මුහුණට මුහුණ ගැටේ

Published

on

එක්දින ලෝක කුසලාන තරඟාවලිය‌ට සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලිය‌ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන දෙවැනි තරඟය අද (23) ඕමාන පිල සමඟ බුලවායෝ නුවර කුයින්ස් පාක් ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට මුණගැසෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද මධ්‍යාහ්න 12.30ට ආරම්භ වන අතර මෙම තරඟයේ  විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු වන දුලිප් මෙන්ඩිස් ඕමාන පිලේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමය.


මේ වන විට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේ ක්‍රීඩා කළ තරග දෙකම ජයගෙන සිටින ඕමානය අද එක්වන්නේ සිය තුන්වැනි තරගයටය.

මීට වසර කිහිපයකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින වරම් හිමි කර ගැනීම දක්වා ඕමානය රැගෙන ගිය දුලිප් මෙන්ඩිස්ගේ මෙවර ඉලක්කය වසර අගභාගයේ ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සිය කණ්ඩායම රැගෙන යෑමය.

එසේ වුවද අද තරඟය  ශ්‍රී ලංකා පිලට විශාල අභියෝගයක් නොවනු ඇත්තේ තුන් ඉරියව්වෙන්ම දස්කම් අතර සිටින බැවිිනි.

එමෙන්ම ශ්‍රී ලංකා පිලේ ආරම්භක වේගපන්දු යුගලය වන කසුන් රාජිත හා ළහිරු කුමාරත්, දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණත් ඕමාන පිතිකරුවන්ට දැඩි තර්ජනයක් වනු නිසැකය.

තවද ජයගත් තරඟ 2දීම අර්ධ ශතක රැස් කළ අකීබ් ලියාස්, පළමු තරගයේදී ලකුණු අතරට පිවිසි කෙෂ්යැප් ප්‍රජාපති, නායක ශීෂාන් නදීම් සහ මොහොමඩ් නදීම් ශ්‍රී ලංකා පිලේ වැඩි අවධානයට ලක්විය යුතු පිතිකරුවෝ වෙති.

මේ අතර ආබාධයක් නිසා පළමු තරඟය අහිමි වූ වේගපන්දු යවන දුෂ්මන්ත චමීරට අද තරඟයට ක්‍රීඩා කිරීමේ හැකියාව තිබුණද ඔහු තවදුරටත් විවේක ගන්වනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

ක්‍රීඩා

IPL අත්හිටුවයි

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේය. 

Continue Reading

ක්‍රීඩා

රෝහිත් ශර්මා ටෙස්ට් පිටියට සමුදෙයි

Published

on

By

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.

සිය තීන්දුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කළ ශර්මා පවසා ඇත්තේ ටෙස්ට් සුදු ඇඳුමින් සැරසී සිය රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක් බවයි.

කෙසේවෙතත්, තමා තවදුරටත් එක්දින ජාත්‍යන්තර තරග වල ක්‍රීඩා කරන බවද ඔහු පවසා ඇත.

2024 වසරේ පැවති විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව ඔහු T20 ජාත්‍යන්තර තරග බිමෙන්ද විශ්‍රාම ගියේය. 

මේ වනවිට 38වන වියේ පසුවන රෝහිත් ටෙස්ට් තරග 67ක ඉනිම් 116කදී ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකර ඇත. එහිදී ලකුණු 4301ක් රැස්කර ඇති රෝහිත්, ශතක 12ක් හා අර්ධ ශතක 18ක් වාර්තාකර තිබේ.

Continue Reading

ක්‍රීඩා

එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉදිරියට

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

අවසන් වරට ඉකුත් පෙබරවාරි මස සිදුකල ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව රැදී සිටියේ 5වන ස්ථානයේය.

මෙහි පෙරමුණ ඉන්දියාවට හිමිව ඇත.

ඊට අමතරව දෙවැනි ස්ථානය නවසීලන්තයටත්, තෙවන ස්ථානය  ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved