ක්‍රීඩා

ශ්‍රී ලංකාව T20 තරගාවලිය ජය ගනියි

Published

on

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 03කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ අද (18) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගය ශ්‍රී ලංකාව කඩුලු 09කින් පහසුවෙන් ජයගනිමිනි.

ශ්‍රී ලංකා පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිතිකරුවන් පන්දුවාර 14.1කදී සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 82ක් පමණි.

තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලැබී තිපූ ඉලක්කය ලකුණු 83 ක් වූ අතර ශ්‍රී ලංකා පිල පන්දුවාර 10.5කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 88ක් රැස්කරගෙන ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

මුළු ලකුණු 82ක් ලෙස සටහන් වෙද්දී පැතුම් නිස්සංක එල්ල කළ 6 පහරකින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලබාගත්තේය.

Trending

Exit mobile version