ලබන මාසයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමට නියමිත එක්දින ජාත්‍යන්තර තරග මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.
මීට පෙර මෙම එක්දින තරග 03 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබුණි.
ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගයක්, එක්දින තරග 03ක් සහ T20 තරග 03ක් ක්‍රීඩා කිරීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම එළඹෙන 30දා වනදා මෙරටට පැමිණීමට නියමිතය.