ක්‍රීඩා

ශ්‍රී ලංකා – ඇෆ්ගන් T20යේ ටිකට් විකිණී අවසන්

Published

on

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දඹුල්ලේදී පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල මේ වනවිට විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර ගැනීම සඳහා පැමිණීමෙන් වළකින ලෙසට ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටී.

අද දිනයේ ද ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා විශාල පිරිසක් දඹුල්ල ක්‍රීඩාංගණය අසළ පෝලිම්වල සිටිනු දැකගත හැකිවිය.

Trending

Exit mobile version