ක්‍රීඩා

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තීරණාත්මක තරගය අද

Published

on

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තෙවන එක්දින ක්‍රිකට් තරගය අද (30) පැවැත්වේ.

මහනුවර, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය සවස 2.30ට ආරම්භ වීමට නියමිතය.

මේ වනවිට තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 1-0ක් ලෙස ඇෆ්ගනිස්ථානය ඉදිරියෙන් සිටී.

තරගාවලියේ දෙවන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ඒ අනුව තරගාවලිය තරග 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමටනම් ශ්‍රී ලංකාව අද තරගය අනිවාර්යෙන්ම ජයගත යුතු වේ.

අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් හෝ තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුවහොත් ටෙස්⁣ට් වරම්වත් නොමැති ඇෆ්ගනිස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායමක් එක්දින තරගාවලියක් පරාජයට පත්වන පළමු අවස්ථාවවනු ඇත.

Trending

Exit mobile version