ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය ගැන තීක්ෂණ කතා කරයි

Published

on

20යි 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් දැක්වූ දක්ෂතා පිළිබඳව කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සඳහන් කළේය.

ඊයේ (11) මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව පැවසීය.

“අපි තරගාවලියට එද්දි හොඳ මානසිකත්වයත් තිබුණා. අපේ පන්දු යවන්නේ හොඳට කරලා තිබුණා. පන්දුවට පහරදෙන්නන් හොඳට කරලා තිබුණා අන්තිම තරගාවලීන් තුනේම. අපි ගොඩක් ඉස්සරහින් හිටියා තරගාවලියට එද්දි. මම හිතනවා ගොඩක් වැරදීම් වුණා කණ්ඩායමක් විදිහට. ඒ නිසා අපිට සුපිරි 08ට යන්න බැරි වුණා. ලොකුවටම දකින්නේ අපේ පිතිකරණයේ වුණ දේවල්. කන්ඩිෂන්වලට හැඩ ගැහුනේ නැති එක තමයි ලොකුම වැරැද්ද කියලා මම හිතනවා.”

නේපාලය සමඟ අද (12) පැවැත්වීමට නියමිතව තිබු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය අත්හැර දැමීමත් සමඟ පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට තිබු  අවස්ථාව ගිලිහී ගියේය.

ශ්‍රී ලංකා – නේපාල තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීම නිසා කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණු බැගින් පිරිනැමුණි.

මෙවර තරගාවලියේ මූලික වටය යටතේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය සමග පැවති තරගවලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ අතිශය දුර්වල ක්‍රීඩා විලාශය බොහෝ අයගේ විවේචනයට ලක්වූ අතර ශ්‍රී ලංකා පිතිකරුවන්  සිය වගකීම් කොටස නිසිලෙස ඉටු නොකිරීම එම පරාජයන්ට හේතුව ලෙස සැලකෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය නෙදර්ලන්තයට එරෙහිව එළඹෙන 17 වනදා ශාන්ත ලුෂියා හිදී පැවැත්වීමට නියමිතයි.

Trending

Exit mobile version