දකුණු අප්‍රිකාවේ හිටපු පිතිකරුවෙකු වන නේල් මැක්කෙන්සි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ක්‍රිකට් පුහුණුකරු ලෙස පත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ, ඔහු නොවැම්බර් 13 සිට 21 දක්වා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟ කටයුතු කරනු ඇති බවයි.
ඒ අනුව ඔහු දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිසක් සමඟ කටයුතු කිරීමට නියමිතයි.
මේ අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
පළමු තරගය නොවැම්බර් 27දා සිට දෙසැම්බර් 01දා දක්වා ඩර්බන් හිදී පැවැත්වීමට නියමිතයි.
දෙවන ටෙස්ට් තරගය දෙසැම්බර් 05 වැනිදා සිට 09දා දක්වා ශාන්ත ගර්බර්හා හි පැවැත්වීමට නියමිතයි.