ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට දඩ

Published

on

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ මුදලක් පනවා තිබේ.

ඒ, නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී මන්දගාමී පන්දුයැවීම හේතුවෙනි. 

මේ අනුව, තරග මුදලින් 20%ක දඩ මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවේ.

මේ අතර චෝදනාවට අදාළ වරද ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් පිළිගැනීම හේතුවෙන් විනිසුරුවරුන් විසින් සිදුකර ඇති එම චෝදනාවට අදාළ පරීක්ෂණයක් සිදුනොකරන බවද ICCය සඳහන් කර ඇත.

Trending

Exit mobile version