ඉන්දියාවේදී පසුගියදා අවසන් වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් ක්ලිර්ක් සහ අභ්‍යාසකවරයා ලෙස කටයුතු කළ ග්‍රාන්ට් ලූඩන් යන මහත්වරු සිය තනතුරුවලින් ඉවත්ව ගොස් තිබේ.
ලෝක කුසලාන පරාජයෙන් පසුව කණ්ඩායමේ පුහුණුකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය පිළිබඳව පසුගිය දිනවල පැවැති විවේචන හේතුවෙන් ඔවුන් ඉවත්ව ගොස් ඇති බවට මාධය වාර්තා පැතිර ඇත.
කෙසේවුවද, ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දන්වා ඇත්තේ පෞද්ගලික හේතූන් මත ඉවත්ව යන බවයි.