ක්‍රීඩා

 ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පැතුම් නැතිව බංග්ලාදේශයට!

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යම දීර්ඝ තරග සංචා­ර­යක් අර­ඹ­මින් අද (29) බංග්ලා­දේ­ශය බලා පිටත්ව යයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය ඊයේ නිවේ­ද­නය කළ විස්සයි20 සංචි­ත­යට ක්‍රීඩ­ක­යන් 17 දෙනකු ඇතු­ළත්ව ඇති අතර ඒ අනුව ඔවුන් අද (29) මෙර­ටින් පිටත්ව යන කණ්ඩා­ය­මට ඇතු­ළත් වෙති. 

මේ කණ්ඩා­යමේ නාය­කයා ලෙස වනිඳු හස­රංග කට­යුතු කරන අතර ඔහුට ඇෆ්ග­නි­ස්තා­නය සමඟ පැවති තර­ගා­ව­ලි­යෙන් අන­තු­රුව තරග දෙකක තහ­න­මක් පැන­වීම හේතු­වෙන් බංග්ලා­දේ­ශ­යට එරෙහි මුල් තරග දෙකේදී උප­නා­යක චරිත් අස­ලංක වැඩ බලන නාය­කයා ලෙස කට­යුතු කිරීමට නියමිත බව වාර්තා වේ.

නිමා වූ ඇෆ්ග­නි­ස්තා­න­යට එරෙ­හිව ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක හැර සෙසු ක්‍රීඩ­ක­යන් 15 දෙනා මේ සංචා­ර­යට නම් කර ඇති අතර ඊට අම­ත­රව විස්සයි20 තර­ගා­ව­ලිය වෙනු­වෙන් දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ සහ ආර­ම්භක පිති­කරු අවිශ්ක ප්‍රනාන්දු කැඳ­වී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමි­ටුව කට­යුතු කර තිබේ.

වැන්ඩර්සේ විස්සයි20 තර­ගා­ව­ලි­ය­කට කැඳවා ඇත්තේ වසර 2කට පසුව වන අතර අවි­ශ්කට වස­ර­කට පසු විස්සයි20ට අව­ස්ථා­වක් හිමිව තිබීම විශේ­ෂ­ත්ව­යකි. 

2022 වසරේ පෙබ­ර­වාරි මස ඉන්දි­යා­වට එරෙ­හිව අව­සන් විස්සයි20 තර­ග­ය­කට එක් වූ වැන්ඩර්සේ තරග 14කදී දවා­ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 7කි. 

නායක වනි­ඳුට මුල් තරග දෙක අහිමි වීම හේතු­වෙන් වැන්ඩ­ර්සේට ඒ සඳහා ක්‍රිඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ආර­ම්භක පිති­කරු පැතුම් නිශ්ශංක ඇෆ්ග­නි­ස්තා­න­යට එරෙහි විස්සයි20 තර­ගා­ව­ලි­යේදී පාදයේ ආබා­ධ­ය­කට ලක්වූ අතර ඒ හේතු­වෙන් මේ තර­ගා­ව­ලිය අහි­මි­වීම නිසා ඔහු වෙනු­වට අවිශ්ක කැඳවා තිබේ. 

ඔහු මෙලෙස විස්සයි20 තර­ගා­ව­ලි­ය­කට එක් වන්නේ වස­ර­කට පසු­වය. 

අවිශ්ක අව­සන් වරට පසු­ගිය වසරේ ජන­වාරි මස ඉන්දි­යා­වට එරෙ­හිව විස්සයි20 තර­ගා­ව­ලි­ය­කට එක් විය. විස්සයි20 තරග 33කට ක්‍රීඩා කර ඇති අවිශ්ක ලකුණු 337ක් රැස් කර ඇත.

ශ්‍රී ලංකා පිල බංග්ලා­දේ­ශ­යේදී පූර්ණ තරග සංචා­ර­ය­කට එක්වන අතර එහිදී විස්සයි20 තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතු­ළත්ව තිබේ.

දෙරට අතර විස්සයි20 තර­ගා­ව­ලිය මේ 4 වැනිදා සිල්හෙ­ට්හිදී ආරම්භ වන අතර දෙවැනි සහ තෙවැනි තරග පිළි­වෙ­ළින් මාර්තු 6 සහ 9 දින­වල සිල්හෙ­ට්හි­දීම පැවැත්වේ.

ශ්‍රී ලංකා විස්සයි20 සංචි­තය – වනිඳු හස­රංග (නායක), චරිත් අස­ලංක (උප­නා­යක), කුසල් මෙන්ඩිස්, සදීර සම­ර­වි­ක්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, ධනං­ජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, ඩිල්ෂාන් මධු­ෂංක, නුවන් තුෂාර, මතීෂ පති­රණ, අකිල ධනං­ජය, බිනුර ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ.

Trending

Exit mobile version