ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දිරිගන්වා ලෙස වසර ගණනාවක් පුරාවට දැවැන්ත මෙහෙවරක් සිදුකළ, රෝගාතුව සිටින පර්සි අබේසේකර මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 05ක මුදලක් අද (18) පරිත්‍යාග කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවේ පර්සි අබේසේකර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ ඇති තත්වයට ගෙන ඒමට විශාල මෙහෙවරක් කළ මහත්මයෙක් බවත් ඒ පිළිබඳව අවධානය යොමු කර ඒ මහතාගේ සෞඛ්‍ය වියදම් සඳහා එම මුදල පරිත්‍යාග කළ බවයි.