ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්ට ICCයෙන් චෝදනා

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ට අයි සී සීය දූෂණ චෝදනා තුනක් යොමු කර තිබේ.

ඒ 2021 වසරේ ලංකා ප්‍රිමිය ලීග් තරග මුදලට පාවාදීමට අදාළවයි.

නමුත් මෙම තරග පාවාදීම්වලට සම්බන්ධ වන ලෙස ඔහුට එවූ ව්ට්සැප් පණිවිඩ ප්‍රවීන් ජයවික්‍රම විසින් මකා දමා ඇති බව වාර්තා වේ.

එම යෝජනාවන් පිළිබඳව ඔහු නියමිත කාලයේදී අයි සී සීය දැනුවත් නොකළ බවට ප්‍රවීන් ජයවික්‍රම ට චෝදනා එල්ල වී ඇත.

කෙසේවෙතත් අයි සී සීය ගොනු කර ඇති මෙම චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා අගෝස්තු මස 6 වැනිදා සිට දින 14ක කාලයක් ලබා දී ඇති බව සඳහන්ය.

25 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම අන්තර්ජාතික තරග 15කට ක්‍රීඩා කර තිබේ.

Trending

Exit mobile version