සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ලැබී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා අයර්ලන්ත කණ්ඩායම පසුගිය සතියේ දිවයිනට පැමිණි අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය එළඹෙන 16 වනදා ගාල්ලේ දී ආරම්භවීමට නියමිතය.
සංචිතය : දිමුත් කරුණාරත්න (නායක), කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, නිශාන් මධුශ්ක, සදීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, දුෂාන් හේමන්ත, ලසිත් ඇඹුල්දෙණිය, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, මිලාන් රත්නායක