එළඹෙන එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පිතිකරණ පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු ටෙස්ට් ක්‍රීඩක ඉයන් බෙල් නම්කර තිබේ.
අගෝස්තු 16 ආරම්භවන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය නිම වන තෙක් ඔහු ශ්‍රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.
එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 118කට ක්‍රීඩා කර ඇති බෙල් එහිදී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 7727කි.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය අගොස්තු 21 වැනිදා මැන්චෙස්ටර් හිදී ආරම්භ වෙයි.