අබුඩාබිහි පැවැත්වෙන ඒ කණ්ඩායම් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද ( 25 ) අබුඩාබි සයාඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙහිදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා අයර්ලන්ත ඒ කණ්ඩායම තරග වදී.
මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ඇෆ්ගනිස්තානු ක්‍රිකට් මණ්ඩලය විසිනි.
එහෙත් මූලික වටයේදී අයර්ලන්ත ඒ පිලට පැරදීම නිසා ඇෆ්ගන් ඒ පිලට අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.
මූලික වටයේ තරග හතරම පහසුවෙන් ජයග්‍රහණය කළ සදීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම මෙම තරගාවලියේ ශූරතාව දිනා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.