හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක – කුමාර් සංගක්කාර මහතා හට නව තනතුරක් හිමි වී ඇතැයි මාලිබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජය (MCC) නිවේදනය කරයි.
ඒ, එම ක්‍රීඩා සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙසයි.
පසුගිය සය වසර පුරාවට එම තනතුර දැරුවේ එංගලන්තයේ හිටපු ක්‍රිකට් නායක මයික් ගැටිං ය.
මෙම කමිටුවට තවත් විශිෂ්ඨ හිටපු ක්‍රිකට් ක්‍රීඩයකයන් වන සෞරව් ගංගුලි, හෙදර් නයිට්, ජස්ටින් ලැන්ගර්, ඉයන් මෝගන් සහ ග්‍රේම් ස්මිත් ද ඇතුළත් වනු ඇති බව එම ක්‍රීඩා සමාජය පවසයි.
වසර 2019 – 2021 අතර කාලයේදී මාලිබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙසද සංගක්කාර මහතා කටයුතු කළේය.