ක්‍රීඩා

සචිත්‍රට හතිය

Published

on

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාට සුළු ‘හතිය‘ තත්ත්වයක් මතු වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලෙන් ඖෂධ ලබා දී ඇතැයි වාර්තා වේ.

ඔහුව බන්ධනාගාර රෝහල වෙත යොමු කිරීමට බන්ධනාගාර බලධාරීන්ගේ අවධානය යොමු වුවද මේ දිනවල කොළඹ බන්ධනාගාර කීපයක පැතිර යන සරම්ප රෝගයට සමාන උණ තත්ත්වයකින් රෝගී වූ සිරකරුවන් එහි සිටින බැවින් සචිත්‍ර සේනානායකව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේම රඳවා තැබීමට පසුව එම බලධාරීන් තීරණය කර ඇතැයි පැවසේ.

කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ ‘එම්‘ වාට්ටුවේ ඊයේ (07) වන විට රඳවා සිටි සචිත්‍ර සේනානායකගේ සුවදුක් විමසීමට ඔහුගේ පවුලේ සාමාජිකයන් පැමිණි බව බන්ධනාගාර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ක්‍රීඩා වැරදි විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන පෙරේදා (06) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව ‌මෙසේ බන්ධනාගාරගත කෙරුණි. 

Trending

Exit mobile version