ක්‍රීඩා

සනත් ප්‍රධාන පුහුණුකරු තනතුරට

Published

on

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් ගේ කොන්ත්‍රාත් කාලය පසුගිය 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු නිමාවීමත් සමග සනත් ජයසූරිය මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස තාවකාලිකව පත්කෙරුණි.

ඔහු අතුරු ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තයට එරෙහිව පසුගියදා පැවැති සංචාරවලදී කණ්ඩායම දැක්වූ දස්කම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පවසයි.

2024 ඔක්තෝබර් 1 දින සිට බලාත්මක වූ අතර, 2026 මාර්තු 31 දක්වා මෙම පත්වීම වලංගු වන බව සඳහන් වේ.

Trending

Exit mobile version