Connect with us

ක්‍රීඩා

සවි එසවීමේ තරගාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

Published

on

ඕස්ට්‍රේලියාවේ පැවති 2025 ආසියා -පැසිෆික් සවි එසවීමේ තරගාවලියේදී රන් පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම දිවයිනට පැමිමිණියහ.

මෙම තරගාවලිය ආසියා – පැසිපික් කළාපයේ රටවල් 18 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කගේ පමණ සහභාගීත්වයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පැවැත්වීය.

එහිදී කිලෝ ග්‍රෑම් 120 බර පංතිය යටතේ තරග කළ රන්සිළු ජයතිලක, කිලෝ ග්‍රෑම් 105 බර පංතිය යටතේ තරග කළ විකුම් පෙරේරා සහ කිලෝ ග්‍රෑම් 94 කනිෂ්ඨ අංශයෙන් තරග කළ මිනුර ගිම්හාන , එම අංශ වලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

මීට අමතරව කිලෝ ග්‍රෑම් 94 ජ්‍යෙෂ්ඨ අංශය යටතේ තරග කළ මිනුර ගිම්හාන එම අංශයෙන් ලෝකඩ පදක්කමක් ද දිනා ගත්තේය.

තරගාවලියට දැනට ඕස්ට්‍රේලියාවේ පදිංච් වී සිටින ශ්‍රී ලාංකික සවි එසවීමේ ක්‍රීඩක යුවළක් වන රුවන් පෝල් සහ ඔහුගේ බිරිඳ ලීඩියා පෝල් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී තිබුණි.

එහිදී වයස අවුරුදු 50 ට වැඩි කිලෝ ග්‍රෑම් 120 බර පංතිය යටතේ ජ්‍යෙෂ්ඨ අංශයෙන් තරග කළ රුවන් පෝල් සහ කිලෝ ග්‍රෑම් 100 බර පංතිය යටතේ වයස අවුරුදු 50 ට වැඩි ජ්‍යෙෂ්ඨ අංශයෙන් තරග කළ ලීඩියා පෝල් ද , එම අංශ වලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

රන්සිළු ජයතිලක, විකුම් පෙරේරා සහ මිනුර ගිම්හාන ක්‍රීඩකයින් ඊයේ (07) දින රාත්‍රී 10.15 ට, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ක්‍රීඩා

ශ්‍රී ලංකා A කණ්ඩායමට සුපිරි ජයක්

Published

on

By

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන “A” කණ්ඩායම් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා “A” කණ්ඩායම ජයගැනීමට සමත්විය.

ඒ ඇෆ්ගනිස්තාන “A” කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත්කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්තාන “A” කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන “A” කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 248ක් රැස්කළේය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා “A” කණ්ඩායමේ දිල්ෂාන් මධුසංක කඩුලු 4ක් සහ මොහොමඩ් ෂිරාස් කඩුලු 02ක් බිඳ හෙළීමට සමත් විය.

ලකුණු 249ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා “A” කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 03ක් අවසානයේ කඩුලු 4ක් දැවි ලකුණු  249ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකා “A” කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩාකළ නායක සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 129ක් රැස්කළේය.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේද නායක සදීර සමරවික්‍රමයි.

ලහිරු උදාර ලකුණු 81ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන “A” කණ්ඩායම වෙනුවෙන් කලීල් අහමඩ් කඩුලු 02ක් දවාගත්තේය.

Continue Reading

ක්‍රීඩා

අබුඩාබි ක්‍රිකට් තරගාවලිය 13 දා ශ්‍රී ලංකා අයර්ලන්ත තරගයෙන් ඇරඹෙයි

Published

on

By

එක්සත් අරාබි එමීරයේ අබුඩාබිහි පැවැත්වෙන ශ්‍රී ලංකා, ඇෆ්ගනිස්තාන්, අයර්ලන්ත “ඒ” කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අප්‍රියෙල් 13 දා අබුඩාබි ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ.

මෙම ප්‍රථම තරගයේදී ශ්‍රී ලංකා “ඒ” හා අයර්ලන්ත “ඒ” කණ්ඩායම් තරග වැදීමට නියමිතය.

මෙහි සියලු තරග ඕවර 50 දිවා තරග වන අතර අවසන් තරගය අප්‍රියෙල් 25 පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම සදීර සමරවික්‍රම විසින් මෙහෙයවනු ලබයි.

ලහිරු උදාර, කමිල් මිෂාර, ලසිත් කෲස්පුල්ලේ, නුවනිදු ප්‍රනාන්දු, පසිඳු සූරියබණ්ඩාර, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, සොනාල් දිනූෂ, දුෂාන් හේමන්ත, තරිඳු රත්නායක, වනුජ සහන්, මිලාන් රත්නායක,චමිදු වික්‍රමසිංහ, ඩිල්ෂාන් මධුෂංක, මොහොමඩ් ෂිරාස්, සෙසු ක්‍රීඩකයෝ වෙති.

මෙම කණ්ඩායමේ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධනත් කළමනාකරු ලෙස තරංග පරණවිතානත් කටයුතු කරනු ඇත.

Continue Reading

ක්‍රීඩා

ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවිය

Published

on

By

එංගලන්තයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් නයිට් පදවිය පිරිනැමීමට නියමිත බව වාර්තා වේ.

හිටපු අගමැති රිෂි සුනක්ගේ ඉල්ලා අස්වීමේ ගෞරව ලැයිස්තුවේ ඇන්ඩර්සටන්ට නයිට් පදවිය ලබා දී ඇති අතර, එය සුනක් අගමැතිවරයා ක්‍රීඩකයෙකුට එම  සම්මානය ලබා දුන් එකම අවස්ථාවද වෙයි.

ඇන්ඩර්සටන්ට ලබාදුන් ගෞරවනාමය සම්බන්ධයෙන් අදහසක් දක්වන එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ සභාපති රිචඩ් තොම්සන් පවසා සිටියේ, “එංගලන්ත ක්‍රිකට් වෙනුවෙන්  බොහෝ දේ ලබා දුන් පුරාවෘත්තයකට ඇත්තටම ලැබිය යුතු ගෞරවයක්” බවයි.

ඒ අනුව මෙම නයිට් පදවියත් සමග ඔහු ශ්‍රීමත් ජේම්ස් ඇන්ඩර්සන් නැතහොත් සර් ජේම්ස් ඇන්ඩර්සන් ලෙසින් හැඳින්වෙනු ඇත.

42 හැවිරිදි ඇන්ඩර්සන් පසුගිය වසරේ දී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගිය අතර, ඒ වනවිට ඔහු කඩුලු 704ක් දවාගෙන සිටියේය.

ඔහු අදටත් ලොව වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් වේග පන්දු යවන්නා වේ.

දශක දෙකකට අධික කාලයක් පුරා එංගලන්තය නියෝජනය කළ ඇන්ඩර්සන් ටෙස්ට් තරග 188කට, එක්දින තරග 194කට සහ විස්සයි20 තරග 19කට ක්‍රීඩාකර ඇත.

ඔස්ට්‍රේලියාවේ ශ්‍රීමත් (සර්) ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, නවසීලන්තයේ රිචඩ් හැඩ්ලි, බ.ඉ. කොදෙව්හි ක්ලයිව් ලොයිඩ් මෙම ගෞරවාන්විත නයිට් පදවිය ලැබූවන් අතරින් කිහිප දෙනෙකු වෙති.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved