ක්‍රීඩා

ස්ත්‍රී දූෂණ නඩුවේදී නේපාලයේ හිටපු ක්‍රිකට් නායකයා වරදකරු වේ

Published

on

දැරියක් දූෂණයක් කළ බවට පසුගිය වසරේ චෝදනා ලැබ සිටි නේපාල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක – සන්දීප් ලමිච්චානේ වරදකරු බවට ඔප්පු වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම නඩුව විභාග කළ කත්මන්දු දිස්ත්‍රික් අධිකරණය විසින් සන්දීප් වරදකරු බවට නියම කර තිබේ.

කෙසේවෙතත්, අධිකරණය තීන්දු කර තිබුණේ මෙම සිද්ධියට මුහුණදුන් තරුණිය, පෙර වාර්තා වූ පරිදි, එම අවස්ථාවේදී බාලවයස්කාර දැරියක් නොවුන බවයි.

පසුගිය වසරේදී මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී අත්අඩංගුවට පත් කෙරුණු සන්දීප්, පසුව ඇප මත නිදහස් කෙරුණු අතර, මීළඟ නඩු විභාගයේදී ඔහුට ලබාදෙන දඬුවම තීන්දු කෙරෙනු ඇත.

Trending

Exit mobile version