Connect with us

ක්‍රීඩා

ස්මිත් ටෙස්ට් ලකුණු 10,000 සීමාව පසු කරයි

Published

on

ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායක ස්ටීවන් ස්මිත් ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණයෙන් ලකුණු 10,000 සීමාව අත්පත් කරගත් ලොව පස්වැනි වේගවත් ම පිතිකරුවා බවට අද (29) පත්විය.

ඒ අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන වෝර්න් – මුරලි ටෙස්ට් ශූරතා තරගාවලියේ පළමු තරගයට එක්වෙමින් සිය ලකුණු 10,000 සීමාව සම්පූර්ණ කරගැනීමට සමත් වීමත් සමග ය.

තරඟයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ව පිතිකරණය තෝරාගත් අතර එහිදී තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි ස්ටීවන් ස්මිත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය යොමු කළ පන්දුවක් හමුවේ එක් ලකුණක් ලබා ගනිමින් සිය ලකුණු 10,000 සීමාව සම්පූර්ණ කලේය.

ස්ටීවන් ස්මිත් මෙම දක්ෂතාව පෙන්නුම් කිරීමට ඔහුගේ ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ ඉනිම් 205ක් වැය කර තිබේ.

ටෙස්ට් තරග 115කට ක්‍රීඩා කර ඇති ස්මිත් එහිදී විශිෂ්ට ශතක 34ක් සහ අර්ධ ශතක 41ක් ද ලබා ඇත්තේ සිය පිතිකරණයේ සාමාන්‍යය 53.55ක් බවට පත් කරගනිමිනි.

ස්මිත් ටෙස්ට් පිටියක ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 239 යි.

පන්දු 18672කට මුහුණ දී ඇති ස්මිත්ට අමතර ව ටෙස්ට් ලකුණු 10,000 සම්පූර්ණ කළ ලැයිස්තුවේ මුලසුන හොබවන්නේ ඉන්දීය (හිටපු) සචින් තෙන්දුල්කාර්, රිකී පොන්ටින්ග්, ජැක් කාලිස්, රාහුල් ඩ්‍රාවිඩ්, ජෝයි රූට්, ඇලෙස්ටෙයාර් කුක්, කුමාර් සංගක්කාර, බ්‍රයන් ලාරා, ශිවරින්ග් චන්ද්‍රපෝල්, මහේල ජයවර්ධන, ඇලර්න් බෝඩර්, ස්ටීව් වූෆ්, සුනිල් ගවස්කාර්, යුනිස් ඛාන් ය.

ස්මිත් මෙම ලැයිස්තුවේ පසුවන්නේ 15 වැනි ස්ථානයේය.

ක්‍රීඩා

IPL අත්හිටුවයි

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේය. 

Continue Reading

ක්‍රීඩා

රෝහිත් ශර්මා ටෙස්ට් පිටියට සමුදෙයි

Published

on

By

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.

සිය තීන්දුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කළ ශර්මා පවසා ඇත්තේ ටෙස්ට් සුදු ඇඳුමින් සැරසී සිය රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක් බවයි.

කෙසේවෙතත්, තමා තවදුරටත් එක්දින ජාත්‍යන්තර තරග වල ක්‍රීඩා කරන බවද ඔහු පවසා ඇත.

2024 වසරේ පැවති විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව ඔහු T20 ජාත්‍යන්තර තරග බිමෙන්ද විශ්‍රාම ගියේය. 

මේ වනවිට 38වන වියේ පසුවන රෝහිත් ටෙස්ට් තරග 67ක ඉනිම් 116කදී ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකර ඇත. එහිදී ලකුණු 4301ක් රැස්කර ඇති රෝහිත්, ශතක 12ක් හා අර්ධ ශතක 18ක් වාර්තාකර තිබේ.

Continue Reading

ක්‍රීඩා

එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉදිරියට

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

අවසන් වරට ඉකුත් පෙබරවාරි මස සිදුකල ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව රැදී සිටියේ 5වන ස්ථානයේය.

මෙහි පෙරමුණ ඉන්දියාවට හිමිව ඇත.

ඊට අමතරව දෙවැනි ස්ථානය නවසීලන්තයටත්, තෙවන ස්ථානය  ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved