ශ්‍රී ලංකාවේ දේශීය ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන සාලිය සමන් අයිසීසිය මගින් තරග පාවා දීමේ චෝදනාවකට වරදකරු කොට ඇත.
ඔහු මෙලෙස වරදකරු කර ඇත්තේ 2021 ඩුබායිහි පැවති එමිරේට්ස් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන ලද ටී 10 තරගාවලිය අතරතුර සිද්ධියකට අනුවය.
සාලිය සමන්ට අමතරව මෙම තරගාවලියේම කණ්ඩායම් අයිතිකරුවන්, පුහුණුකරුවන් හා ක්‍රීඩකයන් හත් දෙනකු එම චෝදනාවටම වරදකරුවන් බවට අයිසීසිය මගින් නම් කර තිබේ.