ක්‍රීඩා

සේමිණී අද ජාතික විනය කමිටුව හමුවට!

Published

on

තහනම් උත්තේජක භාවිත කළ බවට චෝදනා එල්ල ව සිටින දැල්පන්දු ක්‍රීඩිකා සේමිණි අල්විස්ගෙන් නිදහසට කරුණු විමසීම අද (14) ජාතික විනය කමිටුව ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම නිදහසට කරුණු විමසීම ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනයේදී සිදුකරන අතර, එහිදී ඇයට අවශ්‍ය නම් ‘බී‘ සාම්පල පරික්ෂණය ඉල්ලා සිටීමේ හැකියාව ද ඇතැයි පැවසේ.

කෙසේවුවද, මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇය ‘බී‘ සාම්පල පරීක්ෂණයට නොගොස් සත්‍ය හෙළි කිරීමේ සූදානමකින් පවතින බවයි.

ඒ අනුව ඇයගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ලබාගත් ඖෂධයක් නිසා මේ අතුරු ඵලය ලැබී ඇති බව ඇය සාක්ෂි සහිතව ඔප්පු කිරීමට සූදානමන් සිටින බවද පැවසේ.

ආසියානු දැල්පන්දු ශූරතාවලිය ඉලක්කකොට පුහුණුවීම්වල නිරතව සිටියදී ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනය මඟින් සිදුකළ පරීක්ෂණයකදී දැල්පන්දු ක්‍රීඩිකාව තහනම් උත්තේජක ලබාගත් බවට තහවුරු වී ඇතැයි වෛද්‍ය වාර්තාවක සඳහන් වේ. 

මේ හේතුවෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු නිමාවන තුරු එම ක්‍රීඩිකාවට තරග තහනමක් පනවා ඇත. 

සෙමිණි අල්විස්ගේ ‘ඒ‘ මූත්‍රා සාම්පලයේ ඇනබොලික් ස්ටොරයිඩ් නම් වූ තහනම් උත්තේජකය තිබූ බවත්, එය මාංශ පේශීන් වර්ධනයට ඉවහල්වන තහනම් සංඝටකයක් බවත් වෛද්‍ය වාර්තාවේ දැක්වේ.

සබැඳි පුවත්:
හිටපු දැල්පන්දු නායිකාවකට තහනම් උත්තේජක චෝදනා! 

Trending

Exit mobile version