ක්‍රීඩා

හතුරුසිංහට ලොකු හතුරුකමක්

Published

on

බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් විසින් තම ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ නොබෝ දිනකින්ම තනතුරෙන් ඉවත්කරන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබේ.

එලෙස චන්දික හතුරුසිංහගේ පුහුණුකරු භූමිකාව දැඩි ලෙස විවේචනය කළ බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා පවසන්නේ බංග්ලාදේශ පිල අතීතයේ ලැබූ සාර්ථකත්වය සාමුහිකත්වය මත ගොඩනැගුණු එකක් බවත්, හතුරුසිංහ මැජික්කාරයෙකු නොවන බවත්ය.

බංග්ලාදේශයේ ඇතිවූ අරගලකාරී තත්ත්වය මත හිටපු ක්‍රිකට් සභාපති නස්මුල් හසන් ඉල්ලා අස්වූ අතර, හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ තේරීම් කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කළ ෆාරුක් අහමඩ් මෙයට සතියකට පමණ පෙර බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා ලෙස පත්වීම ලබා ගත්තේය.

ඒ, අනුව නව සභාපතිවරයා සිය පළමු මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ චන්දික හතුරුසිංහ තවදුරටත් බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකළ යුතු බවය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, චන්දික හතුරුසිංහ හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අතර ඇති ගිවිසුම අනුව ඔහු 2025 චැම්පියන් කුසලාන තරගාවලිය දක්වා කටයුතු කළ යුතු වුවද, සභාපතිවරයාගේ අදහස අනුව ඔහු ඉදිරි දින කිහිපයේදී තනතුරෙන් ඉවත් විය යුතු බවය.

Trending

Exit mobile version