බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට යළිත් චන්දික හතුරුසිංහ පත් කිරීමට නියමිත බව කතාබහක් ඇති වී තිබේ.
මේ සම්බන්ධයෙන් නිල වශයෙන් තවමත් ප්‍රකාශයට පත්කර නැති නමුත් ‘ක්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවියේ දැක්වෙන්නේ හතුරුසිංහ යළිත් එම ධූරයට පත්කෙරෙනු ඇති බවයි.
ඊයේ දිනයේදී බංග්ලාදේශ ක්‍රිකට් පාලක සංගමයේ සභාපති නස්මුල් හසන් පවසා තිබුණේ බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පෙබරවාරි 18 – 20 වන විට නම් කරනු ඇති බවයි.
මේ අතර, හතුරුසිංහ මහතා නිව් සවුත් වේල්ස් සහය පුහුණුකරු තනතුරෙන් ඉවත් වී ඇතැයිද එම ක්‍රිකට් සමාජයේ කළමනාකරණය දැනුම් දී ඇත.