අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකා සඳහා හර්ෂිතා සමරවික්‍රම නිර්දේශ වී තිබේ.
ඒ, අයර්ලන්තයට එරෙහිව දැක්වූ දක්ෂතා හේතුවෙනි.
අයර්ලන්තය සමඟ පැවැති විස්සයි විස්ස තරගාවලියේ දී නොදැවි ලකුණු 86ක් සහ ලකුණු 65ක් රැස්කරගත්තේ, තරගාවලියේ වැඩිම ලකුණුලභියා වෙමිනි.
එමෙන් ම එක්දින තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වීමට ඇය සමත් වුවාය.
එහිදී ලකුණු 19, 105ක් සහ නොදැවි ලකුණු 48ක් ලබාගත්තාය.
එමෙන් ම අදාළ සම්මානය සඳහා නිර්දේශ වී ඇති සෙසු ක්‍රීඩාවන් දෙදෙනා අයර්ලන්ත ජාතිකයන් වීම විශේෂත්වයකි.
ඔර්ලා ප්‍රෙන්ටගස් සහ ගැබී ලෙවිස් ඒ සඳහා නිර්දේශවී තිබේ.