ක්‍රීඩා

හරීන්, අතුරු කමිටුව පත් කළ තීරණය අවලංගු කරන්න යයි

Published

on

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට පියවර ගත් බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

X පණිවිඩයක් මගින් ඔහු පවසා ඇත්තේ අතුරු කමිටුවක් පත් කිරීමේ තීරණය අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අද (12) අත්සන් තැබූ බවය.

තවද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විගණකාධිපතිවරයාගේ වාර්තාව පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නිරීක්ෂණද තමා ලිඛිතව ICCයෙන් විමසූ බවත්, ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වූ බවත් එම පණිවිඩයේ දැක්වේ.

Trending

Exit mobile version