ක්‍රීඩා

ෆීෆා තහනම නිසා ලංකාවට පාපන්දු තරඟවලි 2ක් අහිමි වෙයි

Published

on

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (ෆීෆා) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත පැනවූ තහනම හමුවේ ජගත් පාපන්දු තරඟාවලි දෙකක තරග කිරීමට ලංකාවට වරම් අහිමි වී ඇත.

ඊට අදාළ ලිපිය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට යොමුකර ඇති බව ෆීෆා සඳහන් කරයි.

ඒ අනුව ලබන වසරේ පැරිස්හි පැවැත්වීමට නියමිත පිරිමි ඔලිම්පික් පාපන්දු තරඟාවලිය, කටාර්හි පැවැත්වීමට නියමිත වයස අවුරුදු 23න් පහල ආසියානු පාපන්දු තරඟාවලිය අහිමි වනු ඇත.

ෆීෆා විසින් ශ්‍රී ලංකාවට පාපන්දු තහනමක් පනවනු ලැබුවේ පසුගිය ජනවාරි මාසයේදීය.

ඒ, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පැවැත්වූ නිලවරණයේදී තෙවන පාර්ශවයකගේ මැදිහත්වීමක් සිදුව ඇති බවට පවසමිනි.

Trending

Exit mobile version