ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය කඩුලු 3කින් ජය ගනිමින් තරග තුනකින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙස තරගාවලියේ ජය තහවුරු කරගැනීමට ඊයේ (17) සමත් විය.
කුසල් මෙන්ඩිස් ඉවසිලිවන්තව ගොඩනැගූ අගනා අර්ධ ශතකය ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය තහවුරුකර ගැනීමට ඉවහල් විය.
පන්දුවාර 47කට සීමා වූ මෙම තරගයේ නවසීලන්ත කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 210ක ඉලක්කය කඩුලු 7ක් දැවී තිබියදී තරගයේ 46වැනි පන්දුවාරයේදී පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව වසර 12කට පසුව නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය.
ශ්‍රී ලංකාව අවසන්වරට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කර තිබුණේ 2012 වසරේදී මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේය.
ඉන් අනතුරුව දෙරට අතර එක්දින තරගාවලි 5ක් පැවැත්වී ඇති අතර, එන් එක් තරගාවලියක් ජයපරාජයෙන් තොරව අවසන්වීම හැරෙන්න සෙසු සියලුම තරගාවලි ජයගෙන සිටියේ නවසීලන්තයයි.