ක්‍රීඩා

19න් පහළ ආසියානු කුසලානය බංග්ලාදේශයට

Published

on

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කුසලානය දිනාගැනීමට බංග්ලාදේශ යෞවන කණ්ඩායම සමත්විය.

අවසන් තරගයේදී  බංග්ලාදේශ කණ්ඩායම එක්සත් අරාබි එමීර් කණ්ඩායම ලකුණු 195කින් පරාජයට පත් කළ‌ේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ යෞවන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 282ක් රැස්කරගත්තේය.

අශිකුර් රහමන් එහිදී පන්දු 149කදී හයේ පහරක් සහ හතරේ පහර 12ක් සමග ලකුණු 129ක් රැස්කර ගැනීම කැපී පෙනුනි.

පන්දු යැවීමේදී එක්සත් අරාබි එමීර් කණ්ඩායම වෙනුවෙන් අයුමන් අහමඩ් ලකුණු 52කට කඩුලු 4ක් දවාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ UAE කණ්ඩායමට පන්දුවාර 24යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස්කරගතහැකිවූයේ ලකුණු 87ක් පමණි.

Trending

Exit mobile version