ක්‍රීඩා

ලංකාවට අද තරගයත් තීරණාත්මකයි; ප්‍රතිවාදියා නෙදර්ලන්තය

Published

on

ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තීරණාත්මක තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (20) පැවැත්වේ.

ශ්‍රී ලංකාවට සුපිරි 12 දෙනාගේ තරගවටය සඳහා සුදුසුකම් ලැබීමට නම් අද තරගය ජයගැනීම අනිවාර්යය වේ.

එම තරගය ඔස්ට්‍රේලියාවේ ජිලොන්ග්හි දී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.

මේ වන විට පළමු වටයේ “A” කාණ්ඩය යටතේ පෙරමුණ ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්ව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ එම සටහනේ තෙවැනි ස්ථානයේ ය.

ශ්‍රී ලංකාව පැරදූ නැමීබියාවද එම සටහනේ දෙවැනි ස්ථානයේ පසු වේ.

ශ්‍රී ලංකා පිල මේ වනවිට තරගවදිමින් සිටින්නේ ඩිල්ෂාන් මධුසංක, දුෂ්මන්ත චමීර මෙන්ම ධනුෂ්ක ගුණතිලක වැනි ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ආබාධ හේතුවෙන් අහිමිවීමත් සමගිනි.

ඔවුන් වෙනුවට බිනුර ප්‍රනාන්දු, කසුන් රාජිත සහ අශේන් බණ්ඩාර ශ්‍රී ලංකා සංචිතයට කැදවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

Trending

Exit mobile version