ක්‍රීඩා

2022 දී ශ්‍රී ලංකා ක්‍රිකට් හි මුළු ආදායම බිලියන 17.5ක්!

Published

on

සිය සාමාජිකත්වය විසින් අනුමත කළ 2022 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශයට අනුව එම වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 6.3ක ශුද්ධ අතිරික්තයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම මූල්‍ය වර්ෂය තුළ සිය ආයතනයේ සමස්ථ ආදායම රුපියල් බිලියන 17.5ක් වන බවත්, එය 2021 වසරට සාපේක්ෂව සියයට 120ක වර්ධනයක් බවත්ය.

පසුගිය 17දා කොළඹ පැවති විශේෂ මහා සභා රැස්වීමේදී අදාළ ගිණුම් ප්‍රකාශය අනුමත කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ 2022 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තාකළ රුපියල් බිලියන 6.3ක අතිරික්තය ඉතිහාසයේ වාර්තාකළ ඉහළම අගය බවය.

මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග, දේශීය ක්‍රිකට් තරග, අනුග්‍රාහක කොන්ත්‍රාත් සහ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ වාර්ෂික ප්‍රතිපාදන ප්‍රධාන වශයෙන් ඉවහල් වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.

Trending

Exit mobile version